බස් ගාස්තු පිළිබඳ තීරණයක් නොගතහොත් ලබන බ්‍රහස්පතින්දා (17) සිට බස් ධාවනය නතර කිරීමට සිදුවන බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.
දෛනිකව ලබන පාඩුව ඉහළ යාම ඊට හේතුව ලෙසටයි ප්‍රකාශ කෙරුණේ.
පෞද්ගලික බස් සමාගම්වල දත්ත වලට අනුව කෙටි දුර සේවා බස් රථවල දිනක පාඩුව රුපියල් 700ත් 800ත් අතර වනවා. දුර ගමන් සේවා බස් රථ දිනකට රුපියල් 1,500ත් 1,700ත් අතර පාඩුවක් ලබන බවයි ඔවුන් පැවසුවේ.
ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් කර්මාන්තයට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහි සභාපති සරත් විජිත කුමාර සඳහන් කළේ ධීවරයින්ට සහ සමෘද්ධි පවුල් වෙත භූමිතෙල් සහනාධාරය ලබා දෙනවා සේ පෞද්ගලික බස් රථවලටද ඞීසල් සහනයක් ලබා දිය යුතු බවයි. රටේ ප්‍රවාහන ක්ෂේත්රයට පෞද්ගලික බස් විශාල දායකත්වයක් සපයන බවද සඳහන් කෙරුණා.
බස් ගාස්තු වැඩිවිය යුතු ප්‍රතිශතය සම්බන්දයෙන් පෞද්ගලික බස් සංගම් අතර ඇත්තේද විවාදාත්මක තත්ත්වයක්. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ඊයේ (14) ප්‍රකාශ කළේ බස් ගාස්තුව සියයට 20කින් වැඩි කළ යුතු බවටයි.
එසේ නොකළහොත් ලබන බදාදා දිප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව ඔවුන් පැවසුවා. එහෙත් ඉන්ධන මිල වැඩි කිරීමෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ සියයට 10ක බස් ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බවයි.
බස් හිමියන් අතරම ඇති මෙම මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ගාස්තු වැඩිවීමේ ප්‍රතිශත පිළිබඳ පළමුව අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් නෙත් නිවුස් යළි විමසීමක් කළා. එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේ රටේ නීති රාමුවක් ඇති බවත් හිතුමතේ කාටවත් බස් ගාස්තු වැඩි කිරීමට හැකියාවක් නැති බවයි. ඒ අනුව බස් ගාස්තු පිළිබඳ ඇති මිල සූත්‍රය අනුව මෙම වැඩිවීම සිදුවිය යුතු බවත් ඒ බව සිය සංගමය රජයට දැනුම් දී ඇති බවද සඳහන් කළා.
මෙරට බස් ගාස්තු පිළිබඳ තිරණය ගනු ලබන්නේ ඒ පිළිබඳ සැකසූ ජාතික ප්‍රතිපත්තියට අනුවයි. එය කි‍්‍රයාත්මක වීමට නියමිතව ඇත්තේ එළඹෙන ජූලි මාසයේ සිටයි.