පොල්ගස් කැපීම තහනම් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව කිසියම් කෙනෙකුට පොල් ගසක් කැපීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට සිදුවනු ඇති.
නෙත් නිවුස් කළ විමසීමකදී වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් පැවසුවේ ඊට අදාළ යෝජනාව ඉදිරියේදි කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
පොල් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ගැටලූව මෙම තීරණයට හේතුව බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. පවතින තත්වය සැලකිල්ලට ගනිමින් පොල් ඉඩම් කට්ටි කිරීමද තහනම් කිරීමටයි ඉකුත් දා තීරණය කෙරුණේ.
කොස් ඇතුලූ ගස් කිහිපයක් සම්බන්ධයෙන් දැනට පවතින නීතියට සමානව පොල් ගස් සම්බන්ධයෙන්ද නව නීතිය ගෙන ඒමට තීරණය කර ඇති බව අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් නෙත් නිවුස් වෙත කියා සිටියා.
පොල් සම්බන්ධයෙන් දැනට පවතින හිඟය මෙමගින් පාලනය වනු ඇති බවටයි මෙහිදී විශ්වාසය පළ කෙරුණේ. දැනට ශ්‍රි ලංකාව තුල පවතින පොල් ඉඩම් ප්‍රමාණය හෙක්ටර්යාර් හාරලක්ෂ හතලිස් දහසක්. ඉකුත් සමයේ පොල් ගෙඩියක මිළ රුපියල් සියය දක්වා ඉහළ ගියා. පොල් හිඟය ඊට දැඩි ලෙස බලපෑවා. මේ වනවිට ඇතැම් ප්‍රදේශවල පොල් අළෙවි කරන්නේ රුපියල් 75ත් 85ත් අතර මිලකටයි.
කෙසේ වෙතත් එලඹෙන ජූනි සහ ජූලි මාසවලදී පොල් ඵලදාව ඉහළ මට්ටමක පවතිනවා. ඒ අනුව වෙළද පොලේ පොල් මිල ගණන්ද පහළ යනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.