Sunday, December 22, 2024

General line - 0115112241

හුස්ම ගැනීමේ අපහසුවෙන් රෝහල් ගත කළ විදෙස් ක්‍රීඩකයා මරුට




මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රිඩකයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

සුහද රග්බි තරඟාවලියට සහභාගීවීම සඳහා පසුගිය 10 වැනදා 22 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායම මෙරටට පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.

එම තරඟාවලිය පසුගිය 12 වැනිදා කොළඹ ක්‍රිඩාංගණයක පැවැති අතර ඉන් අනතුරුව එම ක්‍රිඩකයින් එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී පසුව ඔවුන් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති රාත්‍රී සමාජ ශාලාවකට ඔවුන් ගොස් ඇති බව සඳහන්.

සමාජ ශාලාවේ සිට පසුදින අළුයම් කාලයේ නවාතැන් ගෙන සිටි හෝටලයකට පැමිණි අදාළ ක්‍රිඩකයින් පිරිස අතරින් ක්‍රිඩකයින් දෙදෙනෙකුට හුස්ම ගැනිමේ අපහසුතාව හේතුවෙන් ඊයේ (13) දහවල් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී  26 හැවිරිදි හාවඩ් තෝමස් ඇන්ඩෘ නැමති ක්‍රිඩකයෙකු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.