අලි මිනිස් ගැටුමට සාර්ථක විසදුමක් කඩිනමින් ලබා දෙන බව තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "අවුරුදු 70ක් විතර පරණ ප්‍රශ්නයක් අපිට අවුරුදු එකහමාරක් විතර තියෙනවා විසඳන්න. වනජීවි දෙපාර්තමේන්තුව අවදි කරලා අපි මේකට අලුත් ක්‍රමවේදයක් හදනවා. ජනතාවගේ ප්‍රශ්නවලට සවන්දීලා..ඒ අයගේ පැත්තෙන් විසඳුම් දෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ වනජීවිනුත් ආරක්ෂා කරනකමන්."
තෙල්දෙණිය, මහදොරලියද්ද ප්‍රදේශයට මහත් ගැටළුවක්ව සිටි වන අලියා නිර්වින්දනය කර අල්ලා ගත් ස්ථානයට පැමිණි අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. මෙම වන අලියාගේ ප්‍රහාරවලින් ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යව්දීන් නැගූ ප්‍රශ්නවලටද අමාත්‍ය සරත් ෆෝන්සේකා මෙහිදී පිළිතුරු දුන්නා.
එහිදී "ජනාධිපතිවරණයට අනෙක් පැත්තෙන් රාජපක්ෂලා ඉදිරිපත් වෙයි. බලයේ ඉන්දෙද්දිත් රාජපක්ෂලා පරාජය කළා. ආයෙත් කරන්න පුළුවන් වෙයි." යනුවෙන් සඳහන් කළා.