Sunday, December 22, 2024

General line - 0115112241

දණගැසූ විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට

අධිකරණ වාර්තාකරු




බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය අද (14) ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක සහ පළාත් අධ්‍යාපන බළධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

පසුගිය ජනවාරි මසදී ඌව මහ ඇමැතිවරයාගේ නිල නිවසේදී ඇති වූ සිදු වීමකදී මහ ඇමතිවරයාට දණ ගසා වැඳ නමස්කාර කිරීමට සිදු වූ බවත් එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් අදාළ විදුහල්පතිනිය පවසා සිටිනවා.

මහ ඇමතිවරයාගේ හා පළාත් බළධාරීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.