උතුරු පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල වෛද්‍යවරුන් මේ වනවිට වැඩවර්ජනයක නිරත වනවා.
ඒ, මාස 05ක කාලයක් පුරා උතුරු පළාත් සභාව මගින් ගෙවිය යුතු අතිකාල දීමනා මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින්.
නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ මධ්‍යම රජය යටතේ ඇති යාපනය ශික්ෂණ රෝහල හැර උතුරේ පිහිටි සෙසු සියලූ රෝහල්වල වෛද්‍යවරුන් වර්ජනයට එක්ව සිටින බවයි.