"ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද, නිකවැරටිය - කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නව පරිපාලන ඒකකය සහ පන්ති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් විවෘත කළා.
අදාළ ව්‍යාපෘතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද මුලු මුදල රුපියල් මිලියන 20 කට අධිකයි. විදුහල්පති කාමරයක්, නියෝජ්‍ය විදුහල්පති කාමර 03 ක්, රැස්වීම් ශාලාවක් මෙන්ම කාර්යාල සේවා කාමරයක් සහ නව පන්ති කාමර රැසකින් ද මෙම අභිනව තෙමහල් ගොඩනැගිල්ල සමන්විතයි. අලුතින් ඉදි වූ නව පරිපාලන ඒකකය ද නවීන අංගෝපාංගවලින් සමන්විත වීම විශේෂත්වයක්.
මීට අදාළ උත්සවයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, කුමන බාධක පැමිණියත්, රටක් විප්ලවීයව වෙනස් කළ හැකි හොඳම මෙවලම වන අධ්‍යාපනය දියුණු කිරීමට තමන් ඇපකැප වී ක්‍රියා කරන බවයි.