Friday, October 25, 2024

General line - 0115112241

මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල ඉහළට! රජය සහ IMF එකඟතාවක්

කසුන් කැලුම්




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund) පස්වන වාරිකය ලබා ගැනීම සඳහා ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කළ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (14) ප‍්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේ එ් අනුව මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි කිරීමට රජය එකඟගතාව පළ කර ඇති බවයි.

වත්මන් ඇමැති මණ්ඩලය නඩත්තු කිරීම සඳහා ජනතාවට මාසික රුපියල් ලක්ෂ 5600ක් වැය කිරීමට සිදුව ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සීමාවන් වත්මන් ආණ්ඩුව ප්‍රෝඩාකාරී අයුරින් මගහැර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ජනාධිපති  අපේක්ෂකයා පිළිබද පක්ෂය තුළ කිසිදු ගැටලූවක් නොමැති බවද හිටපු අමාත්‍ය  ජී එල් පීරිස් මෙහිදී ප‍්‍රකාශ කළා. ඉදිරි  ඕනෑම මැතිවරණයක් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.