Friday, October 25, 2024

General line - 0115112241

මණ්ඩලය සතුව වී තොග නැතිබව ඇත්තයි - පුද්ගලික අංශය සහල් මිල වැඩි කළොත් කරන දේ ඇමති කියයි

චම්ලි ඒකනායක




වී අළෙවි මණ්ඩලය සතු ගබඩාවල වී තොග නොමැති බවවට පලවන වාර්ථා සත්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරවීර පවසනවා. nethnews.lk කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ වී අස්වැන්න වී අළෙවි මණ්ඩලයට වඩා වැඩි මිලකට පෞද්ගලික අංශය විසින් මිලදී ගනිමින් සිටිනා බවයි.

"පෞද්ගලික අංශයේ වයාපාරිකයින් වී අළෙවි මණ්ඩලයේ මිලට වඩා වැඩි මිලකට ගොවීන්ගේ අස්වැන්න මිලදී ගන්නවා. අපිට අවශ්‍ය ගොවියාට හොඳ මිලක් ලබා දීම නිසා එය සුබවාදී තත්ත්වයක් ලෙසයි අපි දකින්නේ. නමුත් වී අළෙවි මණ්ඩලයේ සෑම මධ්‍යස්ථානයක්ම වී මිලදී ගැනීමට සූදානමින් පසුවනවා."

වී අලෙවි මණ්ඩලයට තොග නොලැබී යනලෙස පෞද්ගලික අංශය වී මිලදී ගැනීමෙන් ඉදිරියේදී සහල් මිල ඉහළ දැමීමේ අවධානමක් ඇතිවිය නොහැකිදැයි අප අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

"දැනට ආනයනික සහල්වලට පනවා තිබූ ශත 25ක බද්ද රුපියල් 71 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ ගොවියාගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබාදියයුතු නිසා. පෞද්ගලික අංශය සහල් හිඟයක් මවාපාමින් සහල් මිල ඉහළ දැමීමට උත්සාහ කළොත් අපි නැවතත් ආනයනික සහල් කිලෝවක් මත පනවා තිබෙන බද්ද යළි පහත හෙලනවා." යැයි අමාත්‍යවරයා පවසනවා. එබැවින් පෞද්ගලික අංශයට සහල් මිල හිතුමතේට වැඩි කරන්න ඉඩ නොලැබෙන බවයි ඔහු පැවසුවේ.