Friday, October 25, 2024

General line - 0115112241

දින 04ක් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර පොලිස් වසමේම වන ලැහැබක එල්ලි තිබී හසුවෙයි




දින හතරකට පෙර අතුරුදන් වූ වීරකැටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු ගේ මළ සිරුර වීරකැටිය වකමුල්ල ප්‍රදේශයේ වන ලැහැබක තිබී අද (14) හමුවී තිබෙනවා. ගෙල වැලලා ගැනීමකින් මරණය සිදුව ඇති බවයි අණාවරණය වී ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ හෙට්ටිඅරච්චිගේ පේමදාස නැමති වයස වුරුදු 53ක පමණ තිදෙරු පියෙකු වන අතර අදාළ පොලිස් කොස්තාපල් වරයා පසුගිය 11 වනදා සිට නිවසින් පිටවගොස් යළි නොපැමිණ ඇතිබව පවසමින් නිවැසියන් විසින් වීරකැටිය පොලීසියේ පැමිණිල්ලක්ද සටහන්කර තිබෙනවා.