Friday, October 25, 2024

General line - 0115112241

හඳුනා නොගත් වෛරසයක් - කරාපිටියේ වාට්ටුවක සිටි දරුවන් 05ක් මරුට

නිමල් අල්ගෙවත්ත - හබරාදුව




ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක ප‍්‍රතිකාර ලැබූ කුඩා දරුවන් 5දෙනෙකු පසුගිය දින කිහිපයේදී මියගොස් තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ හදුනා නොගත් වෛරසයක් හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි සැක කෙරෙන බවයි.

අදාළ වාට්ටුව තුළ එවැනි රෝග ලක්ෂණ වලින් පෙලෙන කුඩා දරුවන් කිහිපදෙනෙකු ප‍්‍රතිකාර ලබන බවද වාර්තා වූණා. ඔවුන්ගේ ලේ සාම්පල පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.