Friday, October 25, 2024

General line - 0115112241

මැලේසියවේ ජනතාවට ඇති අයිතිය අපේ ජනතාවට නැති කළ 19 හකුලා ගන්න (VIDEO)

ඩිල්ෂාන් තුෂාර




මහින්ද රාජපක්ෂ මහතා නායකයා ලෙස පත්කරගැනීමට ජනතාවට අවශ්‍යවුවත්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනය නිසා එය අහිමිව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

"ජාතියේ ස්වර්ණමය යුගයක් හැදූ නායකයා නව පක්ෂයක් හදාගෙන ජනතාව හමුවට ඇනිත් ඉවරයි. ඒත් මැලේසියාවේ ජනතාවට වගේ තමන් කැමති නායකයෙන් තෝරාගන්න අපේ රටේ ජනතාවට අවස්ථාව නැහැ. ජනතාව කැමති නායකයෙක් තෝරාගන්න මේ රටේ ජනතාවට තියෙන අයිතිය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහිමි කර තිබෙනවා. වහාම එය අහොස් කළ යුතුයි."