Friday, October 25, 2024

General line - 0115112241

භූමිතෙල් සහනාධාරය හිඟ මුදල්ද සමගින් ඉක්මනටම

දිල්ෂාන් තුෂාර / පසන් වික්‍රමතිලක




භූමිතෙල් මිළ සංශෝධනය වූ දින සිට නියමිත සහනාධාරය හිඟ මුදල්ද සමග සහනාධාර ලාභීන්ට ගෙවීමට කටයුතු කරන බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා. විදුලිය නොමැති අඩු ආදායම් ලාභී පවුල් ඒකක සහ භූමිතෙල් භාවිත කරන බෝට්ටු හිමිකරුවන්ට අදාළ  සහනාධාරය තවදුරටත් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි එම අමාත්‍යජශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

එම සහනාධාර මුදල් අදාළ ප‍්‍රතිලාභීන්ගේ ගිණුම් වලට බැර කිරීමේ වැඩපිළිවෙලක් සම්පාදන කරමින් පවතින බවද ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කළා. 

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පැවසුවේ මැයි මස 18වනදා සිට ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබා දීමට කටයුතු කරන බවයි. 

මේ අතර භූමිතෙල් මිළ ඉහළ දැමීමට විරෝධය පළකරමින් හලාවත, වෙන්නප්පුව, කල්පිටිය, පුත්තලම යන ප‍්‍රදේශවල ධීවරයන් අද මුහුදු යාමෙන් වැලකී සිටියා.