Sunday, December 22, 2024

General line - 0115112241

"අව්‍යශ වෙලාවට සහය දෙන්න සූදානම්"

හේමන්ත කහවලගේ/ඩිල්ෂාන් තුෂාර




අවශ්‍ය අවස්ථාවේදී තමන් සහය දෙන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ද ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙකු වන බවයි. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සභාපතීත්වය දරන වියත්මග සංවිධානයේ වාර්ශික සමුළුවට ද පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි එක්ව සිටියා.

ඒ සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මන්ත්‍රිවරයාගෙන් කරුණු විමසීමක් කළා. 

එහිදී "ඒක රහසක් නෙමෙයි. අපි රටේ අනාගතය වෙනුවෙන් සැළසුම් සකස් කරන යෝජනා අදහස් ඉදිරිපත් වන මණ්ඩපවලට සහභාගී විය යුතුයි. ආණ්ඩු විරෝධී.. එක්සත් ජාතික පක්ෂ විරෝධී හැම තැනකටම අපි සහභාගීවෙලා ඇහුම්කන් දෙන්න කටයුතු කරනවා." යනුවෙන් සඳහන් කළා.