අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශණ ඉදිරි මාස කිහිපයේදී ආරම්භ කරන බව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පවසනවා.
එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ එම කාර්යාලය සඳහා අවශ්‍ය කරන සේවකයන් බඳවා ගැනීමද ඉදිරි කාලසීමාවේදී සිදුකරන බවයි.
මෙම කාර්යාලයේ කටයුතු උතුරු නැගෙනහිරට පමණක් සීමා නොවන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.