Sunday, December 22, 2024

General line - 0115112241

කාලගුණයෙන් අවවාදාත්මක අනතුරු ඇඟවීමක් : අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට උපදෙස් නිකුත් කරයි

දිනුක් හේවාවිතාරණ




ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණ පළාත් වලට මිලිමීටර් 100 ක් ඉක්මවා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයින ආශ්‍රිත මුහුදු කළාපයේ රළු සොභාවයක් ගන්නා බවයි. විශේෂයෙන් පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු කළාපය මෙලෙස රළු වන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 ක් අතර ගන්නා බවයි. මිට අමතරව අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කල්පනාකාරී වන ලෙසටද දැනුම් දෙනවා.

මිට අමතරව මධ්‍යම හා සබරගමුව පළාත් වලට මිදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වාහන ධාවනය කිරීමේදී රියදුරන්ට කල්පනාකාරී වන්නැයි දැනුම් දෙනවා.

\