Sunday, December 22, 2024

General line - 0115112241

බදු බරට එරෙහිව ජවිපෙ පාරට බහි

පසන් වික්‍රමතිලක




භාණ්ඩ මිල සහ බදු බර අඩු කරන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් හා පා ගමනක් සංවිධාන කිරිමට සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එය ලබන 22වනදා කොළඹදී පැවැත්වෙන බවයි අද (15) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ද මෙහිදී අදහස් දැක්වුවා.