ඉන්ධන මිල පිළිබඳ පටලැවිමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මාධ්‍යවේදීන් හමුවේ අද (15) අපහසුතාවයකට මුහුණ දුන්නා.
මෙහිදී මන්ත්‍රීවරයා ඉන්ධන වල මිල ගණන් ප්‍රකාශ කිරීමේදී එහි මිල ගණන් වල පරස්පරතාවයන් ඇතිවුනා. මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 152 ක් බවත්, ඩිසල් ලීටරයක් රු. 142 ක් බවයි. මේ අවස්ථාවේදී මාධ්‍ය සකව්ජාවට පැමිණි සිටි මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයා නිවැරදි කිරීමට කටයුතු කළා. මේ එම අවස්ථාව දැක්වෙන හඩපටයයි.
චීනයෙන් ලැබෙන බව කියන ණය ආධාර සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. එහිදී ඔහු සඳහන් කලේ අමෙරිකානු ඩොලරයේ මිල පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි. ඊට අමතරව මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම සඳහා චිනයෙන් ලැබෙන බව කියන අමෙරිකානු ඩොලර් බිලියන 01 ක ණය මුදලක් ගැන රජය කීවත් එය මෙතෙක් ලැබී නොමැති බවත් එය ලැබීමටද යම් කාලයක් ගතවන බවයි ඔහු සඳහන් කලේ.
බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවකදීයි.