දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් සභාව උතුරේ සංවිධාන කිරීමට සූදානම් වන එල් ටී ටී ඊ සැමරුම් වලට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස් මූලස්ථානය වෙත අද (15) පැමිණිල්ලක් භාර දුන්නා. එම කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ අඹුලූගල්ලේ පූජ්‍ය සිරි ජිනානන්ද හිමියන් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.