Friday, October 25, 2024

General line - 0115112241

හෙට පැය 11ක් ජලය කැපෙයි




කෙත්හේන ජලපවිත‍්‍රාගාරයේ විදුලිය සැපයීම අත්හිටවීම හේතුවෙන් හෙට (16) පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනවා.

උතුරු කලූතර, දකුණු කලූතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය සහ කටුකුරුන්ද එම ප‍්‍රදේශ කිහිපයක්. නාගොඩ, පයාගල, පිලමිණාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කලූවාමෝදර, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප‍්‍රදේශ වලටද  මෙලෙස ජල සැපයුම අත්හටවෙනු ඇති.

අපහසුතා මගහරවා ගැනීම සඳහා කල් ඇතිව ජලය රැස්කර තබාගන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.