ශ්‍රී ලංකාවේ වැසි නොමැති කාලවලදී ගොවීන්ට තම වගා කටයුතු කරගැනීමට ඇති ගැටළුවට විසදුමක් වශයෙන් කෘතිම වැසි ලබා ගැනීමට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ චීන රජය සමඟ සාකච්ඡා කොට තිබෙනවා.
චීන තානාපති චෙන් ෂුවාන් (CHENG XUEYUAN) ඇතුළු දූත පිරිස සමඟ කළ සාකච්ඡාවකින් පසු එම දූත පිරිස නුවර, නුවරඑලිය, කොත්මලේ, අම්පාර යන ප්‍රදේශවල සංචාරය කොට කළ අධ්‍යනයනයකින් අනතුරුව වාර්තාවක් සකස් කර තිබෙනවා.
එම වාර්තාව දයා ගමගේ අමාත්‍යවරයා විසින් කෘෂිකාර්මික නවීකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ ප්‍රදාන අනුමත අයදුම්කරුවන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී අග්‍රමාත්‍යතුමා වෙත භාර දී තිබෙනවා.
අධි තාක්ෂණය භාවිතා කරමින් වැස්ස ලබාගන්නා එම දූත පිරිසගේ ක්‍රියාදාමය සාර්ථක වුවහොත් නියඟයට මෙන්ම ගංවතුරටද විසදුමක් ලබා ගත හැකි බව දයා ගමගේ අමාත්‍යවරයා පවසනවා.