මෙරට සියළුම අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් තොටුපොල මෙන්ම සියලූ වරායන්හි කටයුතුවලට බාධා එල්ලවීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, එහි සියළු ආගමන විගමන නිලධාරීන් මේ වනවිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීම හේතුවෙන්.
මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි බලපෑම් පිළිබද ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ. කේ. ජී. ජේ. බණ්ඩාර ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ මෙහි ඝෘජු බලපෑම් රටේ ජාතික ආරක්ෂාවට, සේවා ලාභීන්ට සහ මගින්ට සිදුවෙන බවයි.
ඉල්ලීම් 3 ක් මුල්කර ගනිමිනුයි ආගමන විගමන නිලධාරීන් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ.