Sunday, December 22, 2024

General line - 0115112241

නාමල්ගේ ෆයිල් එකක් අවසන් කර උඩට යවයි

අධිකරණ වාර්තාකරු




ශ්‍රි ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව උදෙසා ක්‍රිස් ලංකා පුද්ගලික සමාගම ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි ලෙස පරිහරනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදු කළ පරීක්ෂණ අවසන් කොට උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (18) අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රය අක්කර 4.3ක් බදු දීමේදී ඉන්දියානු ක්‍රිෂ් සමාගම විසින් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ලබා දුන් මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් මෙතෙක් ලැබී නැති බව පොලිසිය දැනුම් දුන්නා.

ඒ අනුව නීතිපති උපදෙස් කඩිනමින් එවන ලෙසට නියම කරමින් කොළඹ  කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කරුණු ලැබුවා.

නඩුව යළි ජූලි මස 13 වැනිදා කැඳවීමට නියමිතයි. තවද මීලඟ දින දක්වා නාමල් රාජපක්ෂට විදේශ ගත වීමට ද අවසර ලබා දුන්නා.
.