පොලිස් නිලධාරීන් 595 දෙනකුට උසස්වීම් ලබාදී තිබෙනවා.
දීර්ඝ කාලයක් උසස් වීම් නොලැබ සිටි උප පොලිස් පරීක්ෂක නිලධාරීන් සහ උප පොලිස් පරික්ෂක නිලධාරිනියන් 595 දෙනෙකු පොලිස් පරික්ෂක තනතුරට උසස් කර තිබෙනවා. ඒ, 2016යේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදියි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් සිදු කළ බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. උසස් වීම් ලද අදාළ නිලධාරීන් පිරිස අතර උප පොලිස් පරික්ෂකවරුන් 539 දෙනෙකු හා උප පොලිස් පරික්ෂකවරියන් 56 දෙනෙකු ද වනවා.