Sunday, December 22, 2024

General line - 0115112241

සිංහල දෙමළ මුස්ලිම් සහජීවනයෙන් මිනිහෙක් මැරූ 3ක් එල්ලන්න නියම වෙයි




කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයින් තිදෙනකුට  කොළඹ මහාධිකරණය අද (18) මරණ දණ්ඩණය නියමකළා.

2001 වර්ෂයේ නොවැම්බර්  මස 5 දා  ග්‍රෑන්ඩ්පාස්  ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණා.

විත්තිකරුවන් වන අබ්දුල්  මොහොමඩ් අස්ලාම් , ජානක ගුණසේකර සහ පුෂ්පහරන් ජයචන්ද්‍රන් යන අය මෙම  මරණය සිදු කර ඇති බවට පැමිණිලි පාර්ශවය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට මහාධිකරන විනිසුරු විකුම් කලුආරච්චී තීන්දු කළා.