Wednesday, November 27, 2024

General line - 0115112241

ගුවන්යානා අනතුරෙන් පුද්ගලයින් 100 දෙනෙක් මරුට (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් වාර්තා ඇසුරෙන්




කියුබාවේ, හවානා ගුවන් තොටුපල ආසන්නයේ සිදුවු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙක්ට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

බෝයීන් 737 වර්ගයට අයත් මෙම මගී ගුවන් යානය හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ගුවන් ගතවි ඉන් සුළු මොහොතකට පසු මෙම අවාසනාවන්ත සිදුවිමට මුහුන පා තිබෙනවා.

ගුවන් යානාව තුල මගීන් 104 දෙනෙක් සහ විදෙස් කාර්යමණ්ඩල සාමාජිකයින් 09 දෙනෙක් සිට තිබෙනවා. මෙම අනතුරෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙක් දිවි බේරා ගෙන ඇති අතර ඔවුන්ගේ තත්තවය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් ගුවන් යානය හාවානා අගනුවර සිට කියුබාවේ, හොල්ගුයීන් ප්‍රාන්තය බලා පියාසර කරමින් තිබුනා.