Monday, December 23, 2024

General line - 0115112241

ජාතික රණවිරු සැමරුම ඇරඹෙයි (PHOTOS) (UPDATE)

ඩිල්ෂාන් මඩවල/ පසන් ද සිල්වා




එල් ටී ටී ඊය පරාජය කර යුද්ධය අවසන් කිරීමට ජීවිත පරිත‍්‍රාගයෙන් ක‍්‍රියාකළ රණවිරුවන් සිහිකෙරෙන ජාතික රණවිරු සැමරුම මේ වනවිට පැවැත්වෙනවා. ඒ පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගනය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදීයි.

පස්වරු 3.30ට පමණ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය ආරම්භ කෙරුණා. කතානායක කරූ ජයසූරිය, ෆීල්ඞ් මාර්ශල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඇතුලූ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිළධාරීන්, ත‍්‍රිවිධ හමුදා සහ පොලිස් ප‍්‍රධානීන් රැුසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. 

 

.............................................................................................................................

රණවිරු සමරුව නිසා බත්තරමුල්ලට විශේෂ ධාවන සැලැස්මක්

(19-05-2018 12:53)

ජාතික රණවිරු සැමරුම බත්තරමුල්ල පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ පිිහිටි රණවිරු ස්මාරකය අභියසදි අද පස්වරුවේ සිදු කෙරෙනවා. 

මේ හේතුවෙන් අද පස්වරුවේ බත්තරමුල්ල හා අවට ප‍්‍රදේශවල විශේෂ ධාවන සැලැස්මක්ද කි‍්‍රයාත්මක වනවා. ඒ අනුව පස්වරු 2 සිට රාතී‍්‍ර 7 දක්වා පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ කියැන්නෑම් මංසන්ධිය දක්වා වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.
 

------------------------------------

රණවිරු ජාතික සැමරුම අදයි - සෑම නිවසකම පහනක් දල්වා රණ විරුවන්ට කෘතගුණ සලකමු

19-05-2018 06:00

එල් ටී ටී ඊ ය පරාජය කර යුද්ධය අවසන් කිරීම සදහා ජීවිත පරිත්‍යාගයෙන් කි‍්‍රයා කළ රණවිරුවන් සිහි කෙරෙන ජාතික සැමරුම් උත්සවය අද (19) පැවැත්වෙනවා. බත්තරමුල්ල පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගි වන ලෙස රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා සියළු රට වැසියන්ට විවෘත ආරාධනාවක් කරනවා. 

රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්ද රට පුරා අද රණවිරු සැමරුම් සිදුකිරීමට නියමිතයි. 

රණවිරුවන් සිහිකිරීම සදහා නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන්  පිංකමක්ද සිදු කෙරෙනවා. රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව ලෙස නම්කර ඇති මෙම පිංකම සිදු කෙරෙන්නේ හෝකන්දර දක්‍ෂිණාරාමයේදීයි. මියගිය රණවිරුවන් සිහිකරමින් සතියක් පුරා ති‍්‍රවිධ චෛත්‍ය වෙත පහන් විසි නව දහසක් පූජා කිරීම එහිදී සිදු කෙරෙනවා. අද මෙම පිංකමේ අවසන් දිනයයි.

අද දිනයේ සිය නිවසේද පහනක් දල්වා රණවිරුවන් සිහි කරමින් රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාවට එක්වන්නැයි හෝකන්දර දක්‍ෂිණාරාමාධිපති ආචාර්ය පූජ්‍ය මාදුරුවාවේ ධම්මිස්සර හිමියන් සියළු රට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිකරමින් උතුරේ ඇතැම් ස්ථානවල ඊයේ රාති‍්‍රයේද විවිධ සැමරුම් සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. මියගිය දෙමළ වැසියන් සිහි කෙරුණු ප‍්‍රධාන උත්සවය මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල්හිදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් කියාසිටියේ මැයි මස 18 වනදා මෙම වසරේ සිට දෙමළ ජන සංහාර දිනය ලෙස නම් කරන බවයි. දෙමළ ජාත්‍යන්තර ප‍්‍රජාව ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය පසදලීමට ප‍්‍රමාදයකින් තොරව යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතු බවද ඔහු කියාසිටියා. එමෙන්ම සිය පාරම්පරික භූමිවලින් හමුදාව ඉවත් කර ගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.

උතුරු පළාතේ බොහෝ ස්ථානවල ඊයේ උතුරු පළාත් කොඩිය අඩකුඹු කර තිබෙනුද දක්නට ලැබුණා.