මෙවර යල කන්නයේදී හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දිය හැකි බව පොහොර සමාගම් පවසනවා. කොමර්ෂල් පොහොර සමාගම පවසන්නේ දැනටමත් යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 25, 841ක් ටී එස් පී පොහොර මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 96, 350ක් සහ එම් ඕ පී පොහොර මෙටි‍්‍රක් ටොන් හත් ලක්ෂ 54,000ක් තමන් සතුව තිබෙන බවයි. .
ප‍්‍රාදේශීය ගබඩා වල ද විවිධ වර්ගයන්හි පොහොර මෙටි‍්‍රක් ටොන් 14,250ක් තිබෙන බව ඔවුන් කියා සිටියා. මීට අමතරව ලබන ජූනි 15වනදා වනවිට තවත් පොහොර මෙටි‍්‍රක් ටොන් 16,000ක පමණ ප‍්‍රමාණයක් ලැබීමට නියමිත බවයි කොමර්ෂල් පොහොර සමාගම වැඩිදුරටත් පැවසුවේ.
ඉකුත් මහ කන්නයේදී ගොවීන් සඳහා පොහොර නිකුත් කිරීමේදී ප‍්‍රමාද විම් සිදුවුණා. අවශ්‍ය පොහොර තොග නිසි වේලාවට සූදානම් කර නොතිබීම ඊට හේතුවූ බවයි ප‍්‍රකාශ කෙරුණේ.