අනුරාධපුර හොරොව්පතාන ප‍්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පතාන පොලිස් ස්ථානයට අනියුක්තව හොරොව්පතාන, වාගොල්ලාකඩ පොලිස් මුරපොලේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.
වෙඩි වැදීම කෙසේ සිදුවී ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැහැ. කෙසේවෙතත් දඩයමක් සදහා උත්සාහ කිරීමේදී ඔහු සමග සිටි සිවිල් ආරක්‍ෂක භටයෙකු අතින් වෙඩි වැදීම සිදුව ඇතැයි සැක කෙරෙනවා.