Monday, December 23, 2024

General line - 0115112241

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනාට තීරණයක් ගන්න ජනපති සති 2ක් කල් දෙයි




ආණ්ඩුව සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23දෙනා හට ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට සති දෙකක් කල් දෙන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.  ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
 
නව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ  ජුනි 03 වැනිදා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසුවා.