රාවණා ඇල්ල, දියළුම ඇල්ල සහ දුන්හිද ඇල්ල වෙත යාමෙන් මේ දිනවල වැළකී සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ඌව පළාතේ දිය ඇළිවල ජල පහර සැඩ වී තිබීම ඊට හේතුවයි.
රාවණා ඇල්ලෙන් පෝෂණය වන කිිරිදිඔයේ ජල මට්ටමද වැඩි වී තිබෙනවා. එම නිසා කිරිඔය දෙපස ජනතාවද අවධානයෙන් සිටිය යුතු බව සිහිපත් කෙරුණා.