ඇසිඩ් ගසා ගෙලට පිහියෙන් කොටා තම සැමියා නිවසේදි ඝාතනයට ලක් කිරිමේ පුවතක් ඊයේ (18) පස්වරුවේ අරණායක පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වුණා. පොලිසිය පවසන්නේ කාලයක සිට පැවැති පවුල් ආරවුලක් දුර දිග ගොස් මෙම ඝාතනය සිදු වි ඇති බවයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි දෙබත්ගම, කළුගල ප‍්‍රදේශයේ පුද්ගලයෙකි. පොලිසිය පවසන්නේ මෙම අඹුසැමියන්ට වයස අවුරුදු 3ක් වන දරුවෙකුද සිටින බවයි.
සැමියා විසින් එම දිනයේ සවස නිවසට පැමිණ ඇත්තේ බිරිඳට බැන වදිමින්ය. බිරිඳ එම දිනයේ මරා දමන බව ස්වාමියා විසින් පවසා ඇති අතර ඒ සඳහා ඔහු විසින් ගෙන එන ලද ඇසිඞ් බෝතලයක්ද රැගෙන පැමිණ එය නිවසේ සගවා තිබි ඇත. ඇසිඞ් බෝතලය දැක ඇති බිරිඳ ස්වාමියා විසින් තමා ඝාතනය විමට පෙර ස්වාමියා මරණයට පත් කර යුතු බව සිතා ඔහු නිවසේ මුළුතැන් ගෙයි වාඩි වි සිටින විට ඉතා රහසිගතව ඇසිඞ් බෝතලයේ තිබු ඇසිඞ් කොප්පයකට වත් කරගෙන ස්වාමියාගේ ඇගට ගසා ඇති අතර ඔහු ඇසිඞ් වැටුනු පසු අත්දෙක අල්ලාගෙන පහත් වෙනවාත් සමග ගෙල ප‍්‍රදේශයට පිහි පහරවල් කිහිපයක් ගසා ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරුව සිද්ධියෙන් බරපතල තත්වය පත් වු ඔහු රෝහල් ගත කිරිමට රැගෙන යන අතරතුරේ මරණය සිදු වි ඇති බව පොලිසිය පවසයි. මෙ වන විට සිද්ධියෙන් මිය ගිය 37 හැවිරිදි එක් දරු පියාගේ සිරුර අරණායක දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර අරණායක පොලිසිය මෙ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරයි.
අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජිව ගුණතිලක ඇතුලූ නිලධාරින් මෙම පරික්ෂණ මෙ වන සිදු කර ගෙන යන අතර 33 හැවිරිදි කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.