නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වැඩවර්ජනයක් සදහා සූදානම් වනවා. ඔවුන් පවසන්නේ ඇතැම් පිරිසකගේ කලහකාරි හැසිරීම නිසා තමන් අවදානමකට මුහුණ දි සිටින බවයි. පොලීසිය ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ලෙස රාජකාරී ඉටු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැගෙනහිර පළාත් සංවිධායක වෛද්‍ය ඒ එල් එන් ලියනගේ කියාසිටියා.
කලහකාරී ලෙස හැසිරුණු සියළු දෙනා පැය 48 ක් ඇතුළත අත්අඩංගුවට ගතයුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. එසේ නොවුනහොත් වහාම සිය වැඩවර්ජනය ආරම්භ කරන බවයි වෛද්‍ය ඒ එල් එන් ලියනගේ වැඩිදුරටත් පැවසුවේ.
වැඩවර්ජනයට එළඹුණහොත් තමන් අත්‍යවශ්‍ය සේවාවලින්ද ඉවත් වන බවයි වෛද්‍ය ඒ එල් එන් ලියනගේ මෙහිදී කියාසිටියේ.
--------------------------------
මාතෘ මරණයකටය විරෝධය පා රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් - පොලිසිය සමග වචන හුවමාරුවක්
19-05-2018 11:11
කල්මුණේ රෝහලේ සිදුවූ මාතෘ මරණයකට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීන් හා මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.
පසුගිය 16 වැනිදා පස්වරුවේ මෙම විරෝධතාව දැක්වූවා. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උපන් බිළිඳා වෛද්‍ය රැකවරණය යටතේ පසුවනවා. මවගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් ගත් උත්සාහයන් ව්‍යර්ථවගොස් තිබෙනවා.