Monday, December 23, 2024

General line - 0115112241

දකුණේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ අලුත්ම තත්ත්වය මෙන්න

ඩිල්ෂාන් මඩවල/ ලලිත් චාමින්ද




දකුණු පළාතේ පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලූවෙන්සා රෝග තත්ත්වය දැන් බොහෝ දුරට පාලනය කෙරෙමින් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. රෝගය හදුනාගත් අවස්ථාවේ සිට ඒ සදහා විවිධ පියවර ගත් බවයි නෙත් නිවුස් කළ විමසීමකදි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සෑම වසරකම පාහේ මැයි හා ජුනි මාසවලදී ඉන්ෆ්ලූවෙන්සා රෝගවල වේගවත් ව්‍යාප්තියක් හදුනාගත හැකි බවද මෙවර දකුණු පළාතෙන් මතුවී ඇත්තේ එවැනි තත්ත්වයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ වනවිට එම රෝගය බොහෝදුරට පාලනය කර ඇතත් දකුණු පළාතේ වැසියන් තවදුරටත් ඒ පිළිබද විමසිල්ලෙන් සිටීම වැදගත් වන බවයි අවධාරණය කෙරුණේ.

මෙම ඉන්ෆ්ලූවෙන්සා රෝගය ආසාදනය වූ දහසකට වැඩි පිරිසක් ඉකුත් සමයේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා තිබෙනවා. රෝගය ආසාදනය වූ දරුවන් කිහිප දෙනෙකු මරණයට ද පත් වුණා.