අමාත්‍ය රාජිත සේනාරත්න රණවිරුවන් සැමරීම සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රකාශයකට විරෝධය පළ කරමින් ගාල්ල නගරයේ රණවිරු ස්මාරකය අසල අද (19) විරෝධතාවක් පැවැත්වුණා. අබාධිත රණවිරුවන් පිරිසක් සහ රටවෙනුවෙන් දිවි පිදු රණවරුවන්ගේ බිරින්දෑ වරුන් ඇතුලූ පිරිසක් ඊට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය හෙලා දකිමින් පෝස්ටර් ප‍්‍රදර්ශණය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.