Monday, December 23, 2024

General line - 0115112241

"ත‍්‍රස්තවාදීන් සැමරීමට ඉඩ දීම සංහිදියාව නෙමෙයි"

දිල්ෂාන් තුෂාර/සමන්ත කුමාර




ත‍්‍රස්තවාදීන් සැමරීමට ඉඩ දීම සංහිදියාව නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ මාධ්‍ය අනුග‍්‍රහයෙන් හෝකන්දර දක්ෂිණාරාමයේ පැවති රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජා පිංකමට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

විවිධ බලවේගවල ඕනෑ එපාකම් හෝ වෙනත් දේශපාලන අවශ්‍යතා මත රට පාවා දුනහොත් රණවිරුවන් යළි රට බේරා ගැනීමට ඉදිරිපත් නොවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

--------------------------------------------------

රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව (VIDEO)

(19-05-2018 20:19)

 

 

නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය අනුග‍්‍රාහකත්වයෙන් සංවිධාන කෙරෙන රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව හෝකන්දර දක්ෂිණාරාමයේදී අද (19) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මේ එහි සජීවී විකාෂනයයි.

 

............................................................................................................................................................

රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාවට සියල්ල සූදානම් 

මව්බිමේ නිදහස වෙනුවෙන් තිස්වසරක් පුරා ත‍්‍රස්තවාදයට  එරෙහිව සටන් වැද දිවි පිදු විසිනවදහසක් රණවිරුවන් සිහිකරමින් නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය අනුග‍්‍රාහකත්වයෙන් සංවිධාන කළ රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාවේ අවසන් දිනයේ පිංකම මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. ඒ  හෝකන්දර දක්ෂිනාරාමයේදීයි. දිවි පිදු විසිනවදහසක් වන රණවිරුවන් සිහිකොට ත‍්‍රිවිධ චෛත්‍ය වෙත සතියක් පුරා විසිනවදහසක් පහන් පිදීම මෙහිදී සිදු කෙරෙනවා