රණවිරු සැමරුම් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නගේ මතය හා එකගවිය නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. රණවිරුවන් වෙනුවෙන් පවත්වන සැමරුම් උත්සව කිසිදු ලෙසකින් නතර කර නොමැති බවත්, මිට පෙර පැවති විජයග්‍රාහී සැමරුම නතර කලේ ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයවීම හේතුවෙන් බවත් ඒ මුදල රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ලබාදීමට රජය තීරණය කල බව මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
අමාත්‍ය පී හැරිසන්ගෙන් ද මාධ්‍යවේදීන් මේ පිළිබද ප‍්‍රශ්ණ කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රණවිරු සැමරුම වෙනුවෙන් සංදර්ශන නොපවත්වා ඒ මුදල් රණවිරුවන්ට ලබාදෙන බව පවසා සිටියා. රණවිරුවන්ගේ කැපකිරීම කිසිවිටක අමතක කල නොහැකි බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර රණවිරු සැමරුම් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා සිදුකළ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් ගාල්ල නගරයේ රණවිරු ස්මාරකය අසල අද විරෝධතාවක් පැවැත්වුණා. අබාධිත රණවිරුවන් පිරිසක් සහ රටවෙනුවෙන් දිවි පිදු රණවරුවන්ගේ බිරින්දෑ වරුන් ඇතුලූ පිරිසක් ඊට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.