Monday, December 23, 2024

General line - 0115112241

මහින්ද සහ 16 දෙනා අතර සාකච්ඡාව හදිසියේ කල්දායි (UPDATE)

දිල්ශාන් තුෂාර




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම අතර අද (20) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

එය ලබන 23වැනිදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය, රටේ අනාගතය ආදී කරුණු මෙම හමුවේදී සාකච්ඡා කරන බවයි ඔහු සඳහන් කළේ. 

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය තාවකාලිකව වෙනස් කිරීමට මධ්‍යම කාරක සභාව ගත් තිරණය සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු නොකරන නිලධාරී කණ්ඩායමක් පත් කර ගැනීමේ ඇති අවශ්‍යතාව හේතුවෙන් මෙම තනතුරු වෙනස සිදු කරන බවයි. ශ්‍රීලනිපය එජාපය සමග එකට කටයුතු කිරීමට ශ්‍රීලනිප පාක්ෂිකයන් විරුද්ධ බවත් ඒ මතය 95 දෙනාගෙන් 23 දෙනෙකු ඇරෙන්නට අනෙක් සියලු දෙනා ද ඒ මතය පිළි අරගෙන සිටින බවත් සඳහන් කළා.

 

-------------------------------

ශ්‍රීලනිප 16 දෙනා අද මහින්ද හමුවෙයි

(20-05-2018 06:49)

 

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (20) සිදුවනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්. බී. දිසානායක කියා සිටියේ ඉදිරියේදී තම කණ්ඩායම විපක්ෂයේ සෙසු පක්ෂ නායකයන් හමුවීමටද සූදානමින් සිටින බවයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්. බී. දිසානායක උත්සහ දරන බවට මාධ්‍ය වාර්තා පලවුණා.

ඒ පිළිබදවද නෙත් නිවුස් ඔහුගෙන් ප‍්‍රශ්ණ කළා. එහිදී ඔහු සඳහන් කළේ "නෑ නෑ මම කිසිම උත්සහයක් දරන්නෑ.. මොකද මම හිටපු මහලේකම්..දැන් ලංකාවේ ජීවතුන් අතර ඉන්න අයගෙන් පැරණිම හිටපු පක්ෂ ලේකම්වරයා මමයි. ඊළඟට ජනාධිපතිතුමා. ඒක පස්සේ එළවන්න මට කිරිපණු ගායක් නෑ.." යනුවෙනි.