තවත් ලක්ෂ දෙකක පිරිසක් සඳහා සමෘද්ධි සහනාධාරය පිරිනැමීමට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විෂයභාර අමාත්‍ය පී හැරිසන් පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ කිසිදු සමෘද්ධි සහනාධාරයක් කප්පාදු නොකරන අතර තව දුරටත් රටේ දුගී දුප්පත් ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි. අලුතින් සමෘද්ධි හිමිවිය යුතු පිරිසගේ තොරතුරු දැනටමත් ලැබී ඇති බවද සඳහන් කළා.