රට ජාතිය වෙනුවෙන් යුද්ධයේදී මිය ගිය රණ විරුවන් සැමරීමේ වැඩසටහනක් අද (20) වැනිදා දහවල් හලාවත නගරයේදී පවත්වන ලදි. අනතුරුව ඔවුන් විසින් රණවිරුවන්ට අපහාස කලායැයි පවසමින් අමාතය රාජිත සේනාරත්නගේ රුවට සමානව සකස් කරන ලද පඹයෙකුද පුළුස්සා දමන ලදි.
හලාවත විදේශගත ශ්‍රමිකයින් හා තරුණ එකතුමුතුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. රට විරුවන් මෙරට විදේශ විනිමය රැගෙන එන විට රණවිරුවන් මෙරට රැකගත් බව එහිදී ප්‍රකාශ විය.
මෙහිදී රැස්ව සිටි සියළුම දෙනා එක්ව රණවිරුවන් සමරමින් පහනක් දල්වා අනතුරුව යුධ ජයග්‍රහණය වෙනුවෙන් කිරිබත් කා සතුට සැමරු බව අප නෙත් නිවුස් වාර්තාකරු පැවසිය.