Monday, December 23, 2024

General line - 0115112241

ඇමති රාජිත තරම් ත්‍රස්තවාදී තර්ජනයට ලක්වූ දේශපාලකයෙක් දකුණේ නැහැ - පා.ම. චතුර

ඞී ඒ පියතිලක / ප‍්‍රදීප් නිශාන්ත




අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් හිගුරක්ගොඩ නගරයේදී අද (20) විරෝධතාවක් පැවැත්වුණා. ඊට රණවිරුවන් පිරිසක්ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. ඔවුන් උද්ඝෝශන පෙලපාලියකින් නගර මධ්‍යයට පැමිණ පොල්ගසා විරෝධතාවයේ නිරත වුණා. මේ එහිදී නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ විරෝධතාවයට එක්ව සිටි කිහිපදෙනෙක්. 

මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේද විවිධ අදහස් පළ වුණා. 

ඔහුගේ පුුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න හංවැල්ල ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා. "එතුමා තරම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් පීඩාවට පත්වෙච්ච දකුණේ දේශපාලකයෙක් අද මේ රටේ ජීවතුන් අතර නෑ. තොටලඟ බෝම්බයෙන් බෝම්බ කෑලි දෙකක් තමන්ගෙ පපු කුහරයේ තියාගෙන ඒ වේදිකාවෙන් ජිවත් වෙලා ඉන්න එකම දේශපාලඥයා තමයි. ඉතින් රටේ මාධ්‍ය සහ අනෙක් අය පටලවා ගත්තා කියලා කරන්න දෙයක් නැහැ. එතුමා දන්නවා රණවිරුවා කවුද ත්‍රස්තවාදියා කවුද කියලා" යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියා.

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවී කරුණානායකද කොළඹදී මාධ්‍ය අමතමින් මෙලෙස අදහස් පළකළා. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ඒ ප්‍රකාශය ගැන තමන් ඇහුම්කන් නොදුන් නිසා ඒ ගැන ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් රටේ සියලු දෙනාට එක්ව සිටින්න රණවිරුවා කල කැපවීම අගය කරන බවයි. එමෙන්ම අන්තවාදය හා ජාතිවාදය පැතිරවීමට උත්සහ දරන සියළුම දෙනාව පිළිකුල් ලෙස ප්‍රතික්ෂේප කලයුතු බවයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඉකුත්දා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධනද මෙලෙස අදහස් පළකළා. 

උතුරේ මහ ඇමතිවරයා සිදුකල අන්තවාදී හා ජාතිවාදී ප්‍රකාශයන්වලට එරෙහිව සිදුකරන නිතිමය ක්‍රියා මාර්ගය කුමක්ද කියා තමන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරන බව මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියා. අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප‍්‍රකාශයෙන් වැඩිපුර සතුටුවන්නේ දෙමළ ඩයස්පෝරාව බවද මන්ත‍්‍රිවරයා මෙහිදී කියි සිටියා.