හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීම සඳහා නාවික හමුදාවේ ජිවිතරාක්ෂක කණ්ඩායම් 17 ක් මේ වන විට ස්ථානගත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියා.
හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව අනුමාන කරන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, වල්ලලාවිට ප්‍රදේශයන්ට, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව, තවලම, නාගොඩ සහ උඩුගම ප්රදේශයෙන්ට ජීවිතාරක්ෂක කණ්ඩායම බැගින් යොමු කර ඇති බව ඔහු කියා සිටියා.
මිට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, ඇලපාත, කිරිඇල්ල හා රත්නපුර නගර සීමාව ආසන්නයේ නාවික හමුදා කණ්ඩායම් 02 බැගින් ස්ථානගත කර තිබෙනවා.
මේ අතර ඇති විය හැකි හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා සියලුම නාවික හමුදා කදවුරු සුදානම්ව පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.
මේ අතර කළුතර, පාලින්දනුවර හා බුලත්සිංහල ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සදහා යුධ හමුදා අනුකණ්ඩයන් පිටත් කර යැවු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර සුමිත් අතපතතු නෙත් නිවුස් වෙත සදහන් කර සිටියා.
එමෙන්ම හදිසි ආපදා තත්ත්වයක් සදහා යුධ හමුදාවේ ආරක්ෂක සේනා බටහිර යටතේ පිහිටි සේනාංක දෙකක් සුදානමින් තබා ඇති බවද හමුදා ප්‍රකාෂකවරයා කියා සිටියා.
අවශ්‍ය ඕනැම අවස්ථාවකදී සහන සේවා සැපයීමට සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හා ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් සුදානම්ව සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න නෙත් නිවුස් වෙත කියා සිටියා.