Monday, December 23, 2024

General line - 0115112241

ආපදා හමුවේ අකුරට වැඩ කරන විදුලි ඉංජිනේරුවන් ගැන ජනපතිගේ අවධානය (UPDATE)

සජිත් තිලකරත්න




අකුරට වැඩ කිරිමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ ඉල්ලිම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට හැකි වේ යැයි අපේක්ෂා කරන බවයි. 

ආපදා තත්ත්තවය හමුවේ ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා. ඒවා යථාතත්ත්වයට පත් කිරීමට පවා බාධා එල්ල වී ඇත්තේ මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයයි. මෙවැනි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට බලපා ඇත්තේ රජයේ දිගුකාලීන ජනන සැලැස්ම සම්බන්ධයෙන් පවතින නොපැහැදිළි තත්ත්වයක්.

කෙසේවෙතත් අකුරට වැඩ කිිරීමේ වෘත්තිය කි‍්‍රයාමාර්ගයක නිරතවුවද ආපදා තත්ත්වය හමුවේ නඩත්තු කටයුතු අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ.

කඩා වැටි ඇති විදුලි රැහැන ඇල්ලීමට නොයන ලෙසටත්, බිඳවැටීම් පිළිබඳ තොරතුරු 1987 යන අංකයට දැනුම් දෙන ලෙසත් විදුලිබල අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
 

-------------------------------------

බිඳ වැටුණු විදුලිය යළි ලබාදීමට බාධා

(21-05-2018 06:54)

 

අයහපත් කාලගුණය හේතුවෙන් බිද වැටුණු විදුලි සැපයුම යලි යථාතත්වයට පත් කිරීමට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, මේ වන විට විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක‍්‍රියාමාර්ගයක නිරත වී සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් විදුලි සැපයුම යලි යථාතත්වයට පත් කිරීමට ගතහැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් සිටින බවයි විදුලිබල අමාත්‍යංශය පැවසුවේ.

විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා එල්ල වුණා. ඊයේ (20) දිනයේ අක‍්‍රීය වූ තුල්හිරිය ග‍්‍රිඞ් උපපොලේ කටයුතු යලි යථාතත්වයට පත්කළ බවද විදුලිබල අමාත්‍යංශය කියා සිටියා.