‘‘වියත්මග’’ වැඩසටහන් මාලාව ආරම්භ කළේ මන්දැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැහැදිළි කිරීමක් සිදු කළා.
එහිදී ඔහු සඳහන් කළේ "අපි කාටවත් බැණ බැණ හිටියේ නෑ. මොකද අපි වැඩ කරන්න ඕනේ. අපි හඳුනා ගත්තා කළ යුත්තේ මොනාද කියලා. අපිට අවශ්‍ය වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. අපි ඒකයි වියත්මග පටන් ගත්තේ. අවසාන මොහොත වෙනකම් ඉඳළා බලය අරගෙන ප්‍රතිපත්ති හදන්න නෙමෙයි..මොණවාද තියෙන ප්‍රශ්න කියලා හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති හදන්න. ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් දක්ෂ දේශපාලඥයින් සහ නිලධාරීන් හරහා ඒවා ක්‍රියාත්මක කරවන්න." යනුවෙනි.
වැඩ කළ හැකි බව දන්නා නිසා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමන්ට එරෙහිව බොරු ප්‍රචාර ගෙනියන බවත් කොළඹ පවතින සෘජු විදේශ ආයෝජන ගෙන ආවේ තමන්ගේ මැදිහත්වීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.
රට සංවර්ධනය කිරීමට නම් රට ස්ථාවර විය යුතු බව මෙහිදී පැහැදිළි කෙරුණා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින්.