Monday, May 6, 2024

General line - 0115112241

පොලිස් වෙස් අරං ව්‍යාපාරිකයින්ගෙන් ලක්ෂ ගණන් කප්පම් ගත් දෙන්නෙක් පොලිසියට කොටු

කසුන් කැළුම්




පොලිස් නිලධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් රාගම නගරයේ නීති විරෝධි දුම්වැටි වැටලීමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම නගරයේ ළෙදසැල්වලින් මොවුන් දෙදෙනා රුපියල් ලක්ෂයකට අධික මුදලක් මෙලෙස අල්ලස් ලෙස ලබාගෙන ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

ඇතැම් වෙළෙඳසැල් හිමියන් බියට පත්කර මුදල් ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. මොවුන් සතුව තිබී ව්‍යාජ පොලිස් හැඳුනුම්පත් ද සොයා ගැනුනා. මෙම දෙදෙනාට අමතරව තවත් කිහිපදෙනෙකු මෙලෙස වෙළෙසැල්වලට ගොස් මුදල් වංචා කර ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.