Monday, May 6, 2024

General line - 0115112241

අතුරුදහන් පොලිස් නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම් (PHOTOS)

ජූඩ් සමන්ත - හලාවත




ජලයෙන් කොටුවි සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කරනවා.

අතුරුදහන්වී ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් (අවු:29) නම්වූ අයෙකි. අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

25 වැනිදා දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව, ගල්වල පාර ප්‍රදේශයේ  ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සදහා ජලයේ පීනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන්වී ඇත. ඊයේ (25) දහවල් සිට ඔහු සොයා ගැනීම සදහා නාවීක හමුදාව සහ යුධ හමුදාවද මෙහෙයුමක් දියත් කරන ලදි.

අද (26) පෙරවරුවේ ගම්වාසීන් විසින් කණ්ඩායම් වශයෙන් සෑදී අතුරුදහන්වී සිටින පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර මේ දක්වා කිසිදු හෝඩුවාවක් නොමැති බවයි වාර්තා වන්නේ.