Saturday, July 27, 2024

General line - 0115112241

උතුරු හා දකුණු කොරියානු නායකයින් දෙවන වරටත් හමුවෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-යින් අතර හමුවක් අද (26) සිදුවූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එතිහාසික කොරියානු දේශසීමාවේ දී මෙම හමුව සිදුවුවා. මෙය දෙරටේ නායකයින් අතර සිදුවූ දෙවන හමුවීමද වනවා.

අවලංගු වූ අමෙරිකා-උතුරු කොරියානු සමුළුවට යලි පනදීමේ ක්‍රියාවලියට මේ වන විට කොරියානු රාජ්‍ය නායකයින් දෙදෙනා උත්සහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජුනි 12 වෙනිදා සිංගප්පුරුවේදී පවත්විමට නියමිතව තිබු උතුරු කොරියානු සමුළුව අවලංගු කල බවට ප්‍රකාශ කර සිටියත් පසුව ඔහු කියා සිටියේ තවමත් සමුළුව පැවැත්වීමට අවස්තාවක් ඇති බවයි.

කෙසේ නමුත් අද පැවති උතුරු හා දකුණු කොරියානු නායකයින්ගේ හමුවේ සිදුවූ දේ පිළිබඳව නිල ප්‍රකාශයක් හෙට (27) දින දකුණු කොරියානු ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිතයි.

අමෙරිකාව සමග යුධ පුහුණුවක් කිරීම හේතුවෙන් දකුණු කොරියාව සමග සාකච්ජා වලින් ඉවත් වූ බව මිට පෙර උතුරු කොරියාව නිවේදනය කළා.