Friday, May 10, 2024

General line - 0115112241

මැද පෙරදිගට බලපෑ සුළි කුණාටුවකින් 08 දෙනෙකුට දිවි අහිමි වෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මැදපෙරදිගට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. විදෙස් වාර්තා පැවසුවේ ‘‘මෙකුනු’’ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමිටර් 170 ක පමණ වේගයකින්  ඕමානය හා යේමනය හරහා හමා යමින් ඇති බවයි. සුළි කුණාටුව හමුවේ යේමනයෙන් පුද්ගල මරණ 07 ක් වාර්තා වනවා.

මියගිය පිරිස අතර ඉන්දිය ජාතිකයින් දෙදෙනෙකුද වන බව සදහන්. අතුරැුදන්වු තවත් ඉන්දියානුවන් 12 දෙනෙකු සොයා සහන මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ‘‘මෙකුනු’’ සුලි කුණාටුවෙන්  ඕමානයේ 12 හැවිරිදි දැරියක් ද ජිවිතක්ෂයට පත්වුණා. සුළ`ගට ගසාගෙන ගිය ඇය තාප්පයක ගැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය පැවසුවේ.  ඕමානයේ සාලාහ් ඇතුලූ නගර කිහිපයකට බලපා ඇති ජල ගැලිම් හේතුවෙන් පුද්ගලයින් 10,000 ක් පමණ ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇතැයි ද සදහන්.