Friday, May 10, 2024

General line - 0115112241

ප‍්‍රංශයේ දුම්පානය වාර්තාගත ලෙස පහළට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප‍්‍රංශයේ දුම්පානය වාර්තාගත ලෙස පහළ වැටී තිබෙනවා. 2016 සිට 2017 වසර දක්වා කාලය සැලකීමේදී මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි නවතම වාර්තාවකින් අනාවරණ වී ඇත්තේ. එම කාලයේදී අවුරුදු 18 ත් 75 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිසෙන් 3.5% ක් දුම්පානයෙන් ඉවත් වී තිබෙනවා.

එම සංඛ්‍යාව මිලියනයකට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලෝකයේ සිදුවන මරණ 10 කින් එකක් දුම්පානය හේතුවෙන් සිදුවනවා. ඉන් බහුතරය වාර්තා වන්නේ චීනය, ඉන්දියාව, අමෙරිකාව සහ රුසියාවෙන්.