Friday, May 10, 2024

General line - 0115112241

ගසක් කඩා වැටී බදුල්ල - එළදළුව මාර්ගයේ ගමනා ගමනයට බාධා

පාලිත ආරියවංශ - බදුල්ල




විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල - එළදළුව මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. ගස කඩා වැටී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයට අයත් බදුලු ජල පිරිපහදුව අසලදීයි. 

නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ ගස කඩා වැටීමෙන් නිවසකට හා විදුලි කණු කිහිපයකට හානි සිදුව ඇති බවයි. ඒ සමග ප‍්‍රදේශයේ විදුලියද විසන්ධි වී තිබෙනවා. මෙම ස්ථානයේ ඇති මෙවැනිම අනතුරුදායක ගස් කිහිපයක් ඉවත් කරන ලෙස 2016 වසරේ සිට බලධාරීන් දැනුවත් කළද මෙතෙක් පළක් වී නොමැති බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.